Sinhala

lankacgossip | තිරිගු පිටි 40කින් ඉහල දමයි.. පාන්-බනිස් ගුවන්ගත වෙන්න සැරසේ..


March 11, 2022 at 11:20 am | lankacgossip

තිරිගු පිටි 40කින් ඉහල දමයි.. පාන්-බනිස් ගුවන්ගත වෙන්න සැරසේ..

මෙරට වෙලදපගේ අලෙවි කරන තිරිඟුපිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමීමට සමාගම් විසින් තීරණය කර ඇත.

ඩොලරයේ අගය වැඩිවීම මත තිරිඟුපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 35-45 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයිද සමාගම් කියයි.

ඒ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 160ක් පමණ වනු ඇත.

මේ අතර පාන් ගෙඩියක මිල රුපියල් 20-30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්ගකේගජයවර්ධන මහතා පවසයි.

ඊට සාපෙක්ෂව බනිස් ගෙඩියක් රුපියල් 10කින්ද සෙසු බේකරි නිෂ්පාදනය ඉහළ දමන බව ජයවර්ධන මහතා කියා සිටියේය.

1,188 views



Source link

Related posts

lankacgossip | ලන්සා ගල් ලෙස බිදී.. ජනපතිට ලිපියක්.. යලි කිසිදා නොඑන බව කියයි..

Rohan

lankacgossip | ‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

Rohan

lankacgossip | මහවැලි ඇමතිකම ඩඩ්ලි සිරිසේන කෝටි 50කට වික්කා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy