March 11, 2022 at 1:20 pm | lankacgossip
අද වන විට ඉතාලියේ ඩීසල් ලීටරයක් යුරෝ 2.20ක් මිල වන බවත් එය ශ්රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් පෙට්රල් ලීටරයක් යුරෝ 2.22ක් බවත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ් අනුව තවමත් ශ්රී ලංකාව ඉතා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන බවද එම අගය යුරෝපයට වඩා අඩකටත් වඩා අඩු අගයක් බවත් හෙතෙම පැවසීය.
මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා දීම ගැන ජනතාව සතුටු විය යුතු බවත් කී ඔහු කොරෝනා වසංගතය සමග ලෝකයකම ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇතැයිද සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කලේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අමතමිනි.
405 views