Sinhala

lankacgossip | ඉන්ධන නෑ.. මන්ත්‍රීවරුන් කරත්තෙන් එයි..


March 11, 2022 at 6:19 am | lankacgossip

ඉන්ධන නෑ.. මන්ත්‍රීවරුන් කරත්තෙන් එයි..

පවතිව ඉන්ධන හිගය සහ ගෑස් හිගය හේතුවෙන් උතුරේ ජනතාවද දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින අතරම බොහෝ ප්‍රදේශයන්හි ආපනශාලා ගෑස් නොමැතිවීමෙන් වසා දැමීමට සිදුව ඇතැයි ආපනශාලා හිමියන් පවසති.

මන්නාරම දිස්ත්‍රීක්කය තුල පිහිටි ප්‍රධාන ආපනශාලා සියල්ලක්ම මේ දිනවල වසා දමා ඇත්තේ අවශ්‍ය ගෑස් නොමැතිකම හේතුවෙන් බවට ආපනශාලා හිමියන් පවසති.

මේ අතර ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී සිටින අතරම ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.

මුලතිව් කරෙයිදුරපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (10) දින පැවති මාසික සභා රැස්වීමට නගරහ හරහා ගොන්කරත්තවලින් පැමිණියේ සිය වාහන වලට ඉන්ධන ගැසීමට නොහැකිවී ඇති බවටත් ජනතාවට සිදුව ඇති පීඩාවන්ට රජය වගකිව යුතු බවටත් පවසමිනි.

මේ අතර කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙකු වූ එස්.ජීවරාසා ඊයේ (09) දින ඉන්ධනහල්වල පෝලිම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවන්ට පත්වන බව පවසමින් රජයට විරෝධය පා කරත්තයකින් ඉන්ධන හල්වෙතට ගොස් විරෝධය පා කරච්චි ප්‍රදේශීය සභාව වෙතට පැමිණීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

120 views



Source link

Related posts

lankacgossip | ‘නයිට්‍රො රජා’ ගේන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට.. ජනාධිපති ලේකම්ගෙන් බලපෑම්.. ඉතිරි කෝටි 20ක් අතට ඉල්ලයි..

Rohan

lankacgossip | චීන පොහොර නැවට ගෙවන්න කෝටි 1300 ක් තබා සත 300ක් වත් නෑ…

Rohan

lankacgossip | මූඩීස් ශ‍්‍රී ලංකාව පහලටම ඇද දමයි.. දැන් උපරිම මට්ටමේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy