Sinhala

lankacgossip | ගල් අඟුරු නොගෙනාවොත් වසර අග තෙක් විදුලි කප්පාදුවක්..


March 11, 2022 at 12:02 am | lankacgossip

ගල් අඟුරු නොගෙනාවොත් වසර අග තෙක් විදුලි කප්පාදුවක්..

වාරකන් සමය ආරම්භවීමට පෙර නොරොච්චෝල තාප විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු නෞකා අටක් මෙරටට ගෙන ඒමට අසමත් වූවහොත් විදුලිය අර්බුදය උග්‍ර වී ඔක්තෝම්බර් මස අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විශේෂඥයෝ කියා සිටිති.

දැනට පවතින ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ තවත් සීමිත කාලයක් සඳහා පමණක් බවද විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.

එනිසා ඉදිරි කාලසීමාව සදහා විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 480,000 වාරකන් කාලය එළැඹීමට පෙර මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වී ඇත.

වාරකන් සමය එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට බලාපොරොත්තු විය හැකි බවත් එය සැප්තැම්බර් මස තුන්වැනි සතිය පමණ වන තෙක් පවතින නිසා එම කාලසීමාවේ ගල් අඟුරු නෞකා රට තුළට ගැනීමට කිසිදු අවස්ථාවක් හිමි නොවේ.

පෙට්ට්‍රල් ඩීසල් රැගත් නෞකා මෙරටට පැමිණි පසු ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවිය හැකි වුවද ගල් අඟුරු මිලදී ගැනීමේදී එ්වා නැවුවලට පැටවීමට පෙර අදාළ සමාගම් වෙත මුදල් ගෙවිය යුතුව තිබේ.

මෙම තත්ත්වය මත ගල් අඟුරු නෞකා 8 මුදල් ගෙවා නිදහස් කර නොගතහොත් මෙරට උද්ගතව ඇති විදුලි අර්බුදය තවදුරටත් උත්සන්න වනු ඇති බවද විශේෂඥයෝ කියා සිටිති.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මෙගාවොට් 900 ක ධාරිතාවයක් නිෂ්පාදනය කරන අතර එය මෙරට විදුලි අවශ්‍යතාවයෙන් විශාල පංගුවකි.

102 views



Source link

Related posts

lankacgossip | කොඩියේ වැඩවලින් මන්ත‍්‍රීකමට කිසි හානියක් නෑ.. මං ඉදිරියටත් මන්ත‍්‍රී…

Rohan

lankacgossip | බැසිල් රටින් පන්නා දැමිය යුතුයි.. ඔහුට මුල්‍ය විශුද්ධිකරණ යටතේ ඇමරිකාවෙන් පරීක්‍ෂණ.. ජනාධිපති සාක්‍ෂියි.. නැවත කිසිදා රාජපක්‍ෂ පාලනයක් නෑ..

Rohan

lankacgossip | ඇමති ධුරය අතහරින්න ගම්මන්පිල සූදානම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy