March 10, 2022 at 10:02 pm | lankacgossip
අද වන විට ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවන ලෙස තමන් රජයට යෝජනා කල බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක් සංස්ථාව පාඩුවක් ලබන බවත් හෙතෙම පැවසීය.
තව දුරටත් මෙම පාඩුව දරා ගැනීමට රජයට දැරීමට හැකි යයි තමන් නොසිතන බව පැවසූ ඒ මහතා මිල වැඩි කිරීම ගැන සලකා බැලිය යුතු බවද සදහන් කලේය.
ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
1,067 views