January 27, 2022 at 6:14 am | lankacgossip
යුදසමයේදී එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වරයා වශයෙන් කටයුතු කල දයා මාස්ටර් නොහොත් වේලායුධම් දයානිධී වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට සිටියේය.
2018 වසරේදී ගොනු කොට තිබූ කරුනු වලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර හා අනුබල දීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් ගොනුකල නඩුවක් ඊයේ (25) දින විභාගයට ගැනිමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුනි.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දයාමාස්ටර් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටිමින් කියා සිටියේ තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වරයා වශයෙන් කටයුතු කල බවට මහාධිකරන විනිසුරු ඉදිරියේදී පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුතුමන් අදාල නියෝගය ලබා දුන් බවටය.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වරයා වශයෙන් කටයුතු කල දයාමාස්ටර් දේස් විදේස් ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අතර යුද්දය අවසන් කාලවකවානුවේ ඔහු යුදහමුදාවට භාරවූ අතරම වර්ථමානයේ ඔහු යාපනයේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
204 views