Sinhala

lankacgossip | කිතුනු පල්ලියක සුරුවමකට පහර දී රන් ආභරන කොල්ලකයි…


January 27, 2022 at 8:02 am | lankacgossip

කිතුනු පල්ලියක සුරුවමකට පහර දී රන් ආභරන කොල්ලකයි…

යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි ප්‍රදේශයේ පිහිටි කිතුනු පල්ලියක් තුල ඉදිකොට තිබූ දේව සුරුවම් කූටියට 25 රාත්‍රියේ යමෙක් විසින් හානි කොට දේව ප්‍රතිමාවට පලඳවා තිබූ රන් ආලේපිත මාලය කොල්ලකා ඇති බවට පොලීසිය පැවසයි.

පූලෝලි දකුණ ප්‍රදේශයේ පිහිටි ශාන්ත තෝමස් කතෝලික පල්ලිය තුල පිහිටි දේව සුරුවම් කුටියට මෙලෙස ප්‍රාහාරය එල්ලවී ඇති අතර එහිදී දේව සුරුවම් කුටියේ වීදුරුව කඩා දේව ප්‍රතිමාවට පලඳවා තිබූ රන් ආලේපිත මාලය මෙලෙස රැගෙන ගොස් ඇත.

අදාල සිදුවීම පිළිබඳව කතෝලික පල්ලියේ පියතුමන්ලා විසින් පේදුරුතුඩුව පොලීසියට දැනුම් දීමෙන් න් අනතුරුව අදාල ස්ථානයට ගිය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇතත් මේ වනතුරුත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

අදාල ක්‍රියාව ආගමික කඩාකප්පල්කාරී කටයුත්තක් නොවන බවටත් කිසියම් පුද්ගලයෙකු රන් මාලයක් යැයි සිතා එය ගැනීමේ අරමුණින් යුතුව මෙම සුරුවම් කුටියට හානි කොට ඇතැයි සැක පල කරන බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

229 views



Source link

Related posts

lankacgossip | වසංගතයෙන් පසු සාගතයක් එනවා.. ඉන්ධන මිල වැඩි කරනවා..

Rohan

lankacgossip | ඉන්දියානු සාගරයේ න්‍යෂ්ටික තරගයක්… ශ්‍රී ලංකාවේ ආරක්ෂාව දැඩි අවදානමක..

Rohan

lankacgossip | ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy