Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..


January 20, 2022 at 2:10 pm | lankacgossip

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

යුද්ධයක් පැවැති ඇෆ්ගනිස්තානයේ විදේශ සංචිත වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකාව සිටින්නේ ඊට පහළින් බවත් හෙතෙම කියා සිටියි.

අද වන විට දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද හෙතෙම පැවසීය.

‘මේ ජනාධිපතිවරයා මේ වසරේත් ෆේල් තමයි. ඒක ස්ථීරයි. ඒ නිසා තවදුරටත් ජනතාවට ඉවසන්න කියලා ඉල්ලන්න බැහැ. දකුණු ආසියාවේ බංකොලොත්ම රට ලංකාව. යුද්ධයක් පැවති ඇෆ්ගනිස්ථානයෙත් විදේශ සංචිත වර්ධනය වෙලා. දකුණු ආසියාවේ සියලුම රටවල් සමග බලද්දි සියයට 79කින් ලංකාවේ විදේශ සංචිත පහළ බැහැලා. මේ වසර දෙකට රට බංකොලොත් කරලා. දෙවසරේ පාලනය රටට සාපයක් වෙලා. සල්ලි තිබුණත් වැඩක් නැහැ. අනුන්ගෙ කලිසම් අඳිනවා වගේ අපි පටන් ගත් අධිවේගී මාර්ග දැන් විවෘත කරමින් යනවා’

502 views



Source link

Related posts

lankacgossip | කාබනික පොහොර භාවිතයට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා..

Rohan

lankacgossip | ‘කටුකන බල්ලන් අරගලයට පැනලා.. මේක විනාශ කරන්න හදනවා..’ ගෝටාගෝගම කචල් ගම්මානයක් වෙයි.. තවත් මාධ්‍ය හමුවක්…

Rohan

lankacgossip | මගේ පොත්ත සුදුයි කියා ඇමති ප‍්‍රසිද්දියේ කිවුවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy