Sinhala

lankacgossip | මවයි පියයි පහර දුන්නැයි සිසුවියක් පාසැල් ඇඳුමෙන් ලේ පෙරාගෙන පොලීසියට..


January 20, 2022 at 12:40 pm | lankacgossip

මවයි පියයි පහර දුන්නැයි සිසුවියක් පාසැල් ඇඳුමෙන් ලේ පෙරාගෙන පොලීසියට..

බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ දාහත් හැවිරිදි සිසුවියකට පාසල් යාමට ඇඳුම ලා සිටියදී සුළු සිදුවීමකට උරණවී තම පියා සහ මව පහර දුන් බව කියමින් එම සිසුවිය රුධිරය තැවරුණු පාසල් නිල ඇඳුම පිටින් බේරුවල පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙන බව පොලිසිය කියයි .

මෙලෙස පහර කෑමට ලක් වී ඇති සිසුවිය බේරුවල පොලිස් වසමේ කනිටු විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවියක් බවකියයි .

තම පියා සිවිල් ආරක්ෂක උප නියාමක වරයෙකු බවත් මව රැකියාවක් නොකරන අයෙකු වන අතර පහරකෑමෙන් ඇයගේ ඇඟිල්ලක් තුවාල සිදුවී ඇතැයි ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .

එම සිසුවිය පොලිසියට පැමිණෙන විට උදෑසන ආහාරගෙන නො තිබූ බැවින් පොලිස් නිලධාරින් ඇයට ආහාර පානපානවලින් ද සංග්‍රහ කර පැමිණිල්ල සටහන් කරවැඩිදුර විමර්ශන සිදුකරන බව කිහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

304 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවට දැක්මක් නැතිව අයාලේ.. තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය දේශපාලන මණ්ඩලය කැදවයි..

Rohan

lankacgossip | යාපන සරසවියේ සිසු ගැටුමක්…

Rohan

lankacgossip | දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy