Sinhala

lankacgossip | කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..


January 20, 2022 at 6:20 am | lankacgossip

කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..

සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි.

කෙසේ නමුත් අදාල දේව පූජාව වෙනුවෙන් සහභාගී වූ සියලු බැතිමතුන් සමාජ දුරස්ත භාවය, මුඛාවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර කිසිවක් අනුගමනය නොකරමින් මෙම දේව පූජාවට සහභාගී වීම පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

විශාල දේව මණ්ඩපයක් විශාල කඹ යොදා ගෙන බැතිමතුන් විසින් මණ්ඩපය ඇදීම මෙහෙදී සිදුකෙරෙන අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වුවද සියලුම බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගනය නොකරමින් මෙම අවස්ථාවට සහභාගී වීම මගින් දැඩි කොරෝණා අවධානමක් මතුවන බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views



Source link

Related posts

lankacgossip | මගේ ගෙදර ගෑස් එක තියෙන්නෙ එලියේ…

Rohan

lankacgossip | බැසින් නොහිටියානම් අද රට කොහේද දන්නෑ..

Rohan

lankacgossip | කටුනායක පී.සී.ආර්. නැවැත්වීම හරහා විශාල ජාවාරමක්…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy