Sinhala

lankacgossip | සපුගස්කන්ද කැලණිතිස්ස බලාගාර නවතී.. තැන තැන විදුලිය බිද වැටීම්…


January 19, 2022 at 8:40 am | lankacgossip

සපුගස්කන්ද කැලණිතිස්ස බලාගාර නවතී.. තැන තැන විදුලිය බිද වැටීම්…

ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර වල විදුලි ජනනය ඊයේ පස්වරුවේ සිට නතර කර තිබේ.

සපුගස්කන්ද බලාගාරය දැවි තෙල් භාවිතයෙන් සහ කැළණිතිස්ස බලාගාරය ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කරයි.

මෙම බලාගාර දෙක ක්‍රියා විරහිත වීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් සීයකට වැඩි ධාරිතාවක් අහිමි වී ඇත.

මෙම ප්‍රමාණය අඩුවීම හේතුවෙන් දෛනික විදුලි සැපයුම් නිසි ලෙස ලබාදීමට නොහැකි වී තිබෙන අතර වරින් වර ඇතැම් ප්‍රදේශ වල විදුලි කප්පාදු සිදුවීමට හැකි බව විදුලිබල මණ්ඩල සේවකයන් කියා සිටිති.

කෙසේ වෙතත් කෙල් සංස්ථාව නැවතත් තෙල් තොග ලබා දීමට එකඟතාවය පළ වී ඇති අතර ඒවා ලැබුණු වහාම මෙම බලාගාර යළි පණ ගැන්වීමට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

0 views



Source link

Related posts

lankacgossip | අපි ලග ගෑස් බිංදුවක්වත් තිබුනේ නෑ.. ප්ලාන්ට වැහුවා.. ගෑස් නැව වරායට ඇවිත් තර්ජනය කලා..

Rohan

lankacgossip | කොළඹ මාර්ග රැසක ස්ථිර පොලිස් බැරියර් සවි කරයි…

Rohan

lankacgossip | ඩොලර් නෑ.. රුපියලුත් නෑ.. තියෙනවා කියා පුරසාරම් එපා.. මේක කොරෝනා නිසා නොවේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy