January 19, 2022 at 3:50 pm | lankacgossip
පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සියල්ලේම දිවාකාලයේදී විදුලි බුබුළු භාවිතය 50% කින් අවම කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.
රට තුළ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව අමාත්‍යවරයා පැවසීය.
විදුලි අර්බුදයක් ඇති නිසා විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් මෙන්ම පෞද්ගලික ආයතන විසින් ද විදුලිබලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කළ යුතු බවද ඔහු සදහන් කලේය.
772 views