Sinhala

lankacgossip | වික්ටෝරියා ජලාශය අසාමාන්‍ය ලෙස සිදී යයි.. විදුලි අර්බුදය තවත් දරුණු වේ..


January 19, 2022 at 10:40 am | lankacgossip

වික්ටෝරියා ජලාශය අසාමාන්‍ය ලෙස සිදී යයි.. විදුලි අර්බුදය තවත් දරුණු වේ..

වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස හදිසියේ සිදී යාමක් හේතුවේ ඒ සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් ඇති ව තිබේ.

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මෙම තත්වය හමුවේ දැනට රටට ඇති වී තිබෙන විදුලි අර්බුදයට මෙන් ම මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

වික්ටෝරියා ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ මාර්තු අප්‍රේල් මාස වල දී වාර්තා වන ජලාශයේ ජල මට්ටම මෙවර අසාමාන්‍ය ලෙස ජනවාරි මැද භාගයේ දී වාර්තා වෙමින් ඇති බවයි.

ජලාශයේ උපරිම ධාරිතාවට සාපේක්ෂව මීටර් 10ක පමණ විශාල ප්‍රමාණයකට ජලය අඩුවී වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරන්නේ හුණුගල් ආශ්‍රිත ජලාශ වල කිසියම් පැල්මකට ජලය කිදා බැසීමක් බොහෝවිට මේ හරහා බලාපොරොත්තු විය හැකි බවයි.

එමෙන්ම මීට පෙර වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ඇති වූ භූ කම්පන අධ්‍යයනය සඳහා පත්කර කමිටුවෙන් ද පුළුල් ව ඒ ගැන සඳහන් කර තිබූ බවද ඔහු පැවසීය.

311 views



Source link

Related posts

lankacgossip | ඒලියන්ත වයිට්ට කොරෝනා.. ඔහු කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් අයෙක්…

Rohan

lankacgossip | ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට මං ගියේ නෑ…

Rohan

lankacgossip | ඉන්ධන මිලට රට පුරා මහ විරෝධතා.. පාරවල් වහති.. දුම්රිය හරස් කරති.. ටයර් පුච්චති..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy