Sinhala

lankacgossip | බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…


January 19, 2022 at 10:22 pm | lankacgossip

බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…

ශ්‍රීලංකන් ගුවන්සේවයට පසුගියදා 73 හැවිරිදි රිචඩ් නුටෝල් නම් විදේශ ජාතිකයකු නව විධායක නිලධාරියා ලෙස පත්කොට තිබෙනවා. ඔහුගේ වැටුප සියලු පහසුකම්ද සහිතව රුපියල් ලක්ෂ 90ක් බවයි වාර්තා වන්නේ.

ඔහු බඳවාගෙන ඇත්තේ 2021 නොවැම්බර් 01 වනදා Chief Commercial Officer (CCO) ධූරයට වුවද කිසිදු සේවා ඇගයීමකින් තියා, සේවය කිරීමට පුටුවේ හරි හැටි වාඩි වන්නත් ප්‍රථම යලිත් ජනවාරි 01 වනදා සිට ප්‍රධාන විධායක නිලධාරී ධූරයට (Chief Executive Officer – CEO) පත්කොට තිබීම විශේෂත්වයකි. බොහෝ විට එය රිචඩ්ට ශ්‍රීලංකන් හිතවතුන්ගෙන් ලැබුණ නත්තල් තෑග්ග වන්නට ඇත.

නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කළ රිචඩ් තබා ඇති ඉහළම සේවා වාර්තාව වන්නේ 2011 වසරේ බහරේන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්ව, 2013 මාර්තු මස, ඔහුගේ නායකත්වය යටතේ බහරේන් එයාර් වසා දැමීම හෙවත් වලපල්ලට යැවීමයි. මූලාශ‍්‍ර

විදේශ ජාතිකයින්ට වැටුප් ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. දක්ෂ නිලධාරියකු නම් ඩොලර් තියා යූරෝ, පවුම් ලොරි පිටින් දුන්නද ගැටළුවක් නොමැත. නමුත් වලපල්ලට යමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස ගල්ෆ් කලාපයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබූ බහරේන් ගුවන්සේවය තම නායකත්වය යටතේ වසා දමන තැනට රැගෙන ගිය රිචඩ් කැඳවාගෙන ඒම මොළයක් තිබෙන පුද්ගලයකු හෝ කරන්නේ නැත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා පනතට අනුව නම් විදේශිකයකු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කිරීම ඉඳුරාම පටහැනිය. පනත් වල වගන්ති කෙසේ වුවත් ජනතා මුදලින් මාසිකව ලක්ෂ 90ක් (වාර්ෂිකව ලක්ෂ 1,080ක්) නිකරුනේ කාබාසිනියා කරමින් මෙවැනි වයස්ගත, අකාර්යක්ෂම පුද්ගලයින් අධික ණය බරක් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මුල් පුටුවට පත් කළ පිරිස් ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුය.

ශ්‍රීලංකන්ට මෙවැනි මුදල් කාබාසිනියා කරන පත්කිරීම් වල ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. ඉන් මෑතකම නිදසුන වන්නේ මින් පෙර 2019 දී යහපාලන රජය විසින් Chief Commercial Officer (CCO) ධූරයට පත් කළ ජොෂුවා බුස්ටෝස්ය (Joshua Bustos) ය. ඇමරිකානු සෙබලෙකු ලෙස කටයුතු කර තිබූ නම් ඇෆ්ගන් ගුවන්සේවය බංකොලොත් කිරීමට ඩොලර් මිලියන 11 වංචාවට හවුල් වූ පුද්ගලයාය. දැන් ජෝෂුවා ආගිය අතක් නොමැති අතර ඉන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ලැබුණු තුට්ටුවක ලාභයක්ද නැත. ජෝෂුවා බහිරවයා වෙනුවෙන් පූජා කළ ඩොලර් වලට වගකියන්න කෙනෙක්ද නැත. මූලාශ‍්‍ර

මෙවැනි තනතුරු වලට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් පත් නොකරන්නේ මන්දැයි අපට නම් ඇත්තේ උභතෝකෝටික ගැටළුවකි. රටේ අත්‍යාවශ්‍ය සේවා පවා ඩොලර් නැති කමින් පීඩා විඳිද්දී තඹයක හෝ වටිනාකමක් නොමැති අකාර්යක්ෂම පුද්ගලයකු වෙනුවෙන් ඩොලර් රට පැටවීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

Repoter

830 views



Source link

Related posts

lankacgossip | ආවා කල්ලියේ සාදයකට පොලිසියෙන් පනී.. 16ක් අත්අඩංගුවට…

Rohan

lankacgossip | මැති ඇමතිවරුන් පසුපස බුද්ධි අංශ…

Rohan

lankacgossip | IOC ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy