January 18, 2022 at 10:02 pm | lankacgossip
අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත් ආසන්න වශයෙන් පැය එක හමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
එසේ විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන්නේ නම් ඊට අදාළ කාලසටහන් සකස් කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.
කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඉන්ධන නැවට ඩොලර් ගෙවා ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇති බවත් එම කාර්යය සාර්ථක වුවහොත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
196 views