Sinhala

lankacgossip | විදුලියට තෙල් දුන්නොත් වාහනවලට තෙල් නෑ.. බාගන්න ඩොලර් නැතිව නැවු දෙකක් මුහුදේ..


January 18, 2022 at 10:00 am | lankacgossip

විදුලියට තෙල් දුන්නොත් වාහනවලට තෙල් නෑ.. බාගන්න ඩොලර් නැතිව නැවු දෙකක් මුහුදේ..- ගම්මන්පිල

දැනට ආනයනය කර තිබෙන ඩීසල් තොග විදුලිබල මණ්ඩලය වෙත ලබා දුන හොත් රථවාහන ධාවනයට ඉන්ධන ඉන්ධන නිකුත් කිරීමට නොහැකි වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඇතිවී තිබෙන තත්ත්වය මත විදුලි බලය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නැතැයි ද විදුලි බල මණ්ඩලය ඩොලර් ලබා දුන්නොත් ඉන්ධන ආනයනය කළ ලබාදිය හැකි බවද ඔහු සඳහන් කළේය.

අතිශය පීඩාකාරී තත්වයක විදුලි බලය සඳහා ද ඩොලර් සෙවීම කළ හැකි කාර්යයක් නොවන බව ද කී අමාත්‍යවරයා විදුලි බලය සඳහා අවශ්‍ය ඩොලර් සම්පාදනය කරගැනීම එම විෂය භාර බලධාරීන්ගේ කාර්යයක් ඇයිද පවසයි.

ඩොලර් නැතිකම නිසා දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්ධන නැවු දෙකක් නතර කර ඇති බවද කී ඔහු ඩොලර් ලබාදෙන්නේ නම් වහාම ඉන් එකක් මුදාගෙන ඩීසල් සම්පාදනය කළ හැකි බවද කියා සිටියේය.

මෙසේ මුදා ගැනීමට ප්‍රමාද වන එක නැවකට දිනකට ඩොලර් 18,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

397 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 31ක්..

Rohan

lankacgossip | එන්නත් නොතකන දකුණු අප‍්‍රිකානු ප‍්‍රබේධය ලංකාවට…

Rohan

lankacgossip | ඉන්දීය ලොක්කන් පෝලිමේ ලංකාවට.. 12 දා හමුදා ලොක්කෙක් එයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy