Sinhala

lankacgossip | කූරගල පුනර්ජීවයේ.. පූජා වස්තු තැන්පත් කෙරේ…


January 18, 2022 at 6:12 am | lankacgossip

කූරගල පුනර්ජීවයේ.. පූජා වස්තු තැන්පත් කෙරේ…

යලි පුනර්ජීවය ලද කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු, ඡායාරූප සහ පුරාවස්තු තැන්පත් කිරීමේ උත්සවය ඉරිදා (16) දින පැවැත්විණි. කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සැදැහැවත් බෞද්ධයින්, යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ කැපවීම මත දිගුකලක් පුරාවට කිසිවෙකුගේ අවධානයට ලක්ව නොමැතිව ගරාවැටෙමින් පැවති බළංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි කූරගල ලෙන් විහාරය ලෙස ප්‍රචලිත පූරගල ලෙන් විහාරස්ථානයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පනගැන්වීය.

කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් විසින් මීට මාස 8 කට පමණ පෙර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිදුකළ ආරාධනයකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ආගමික උත්සව අවස්ථාව අමතමින් ගරාවැටෙමින් පැවති මෙම පුදබිම කූරගල විහාරස්ථානයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සිය ගණනක යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් දිවා රෑ නොබලා ලබාදුන් සුවිශේෂි දායකත්වය මත බෞද්ධ ජනතාවගේ අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීමට ඉඩහසර සැලසුනු බව සිහිපත් කළේය.

මෙම පුණ්‍යෝත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ

– Army media

92 views



Source link

Related posts

lankacgossip | පුද්ගලයෙකු කපා කොටා මරයි…

Rohan

lankacgossip | පොහොර ඉල්ලා ගොවි විරෝධතා.. ප‍්‍රභූ රථ පෙලක් පන්නා දමති..

Rohan

lankacgossip | අපිට ඕනේ හිරේ යන එක නවත්තන්නයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy