Sinhala

lankacgossip | හෙට සිට විදුලිය හදන්න ඉන්ධන නෑ.. ලැබෙන විදිහකුත් දන්නෑ..


January 17, 2022 at 10:22 pm | lankacgossip

හෙට සිට විදුලිය හදන්න ඉන්ධන නෑ.. ලැබෙන විදිහකුත් දන්නෑ..- විදුලි ඉංජිනේරුවෝ දන්වති..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදුන් ඩීසල් හා දැවිතෙල් හෙට (18) දිනයෙන් අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

හෙට දිනයෙන් පසු විදුලිය ලබා දෙන්නේ කෙසේදැයි යන්න තීරණය වන්නේ ඉන්ධන ලැබෙන නොලැබෙන තීරණය මත බවද සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය 35% දක්වා පහත බැස ඇති බවත් නැවත සැළකියුතු වර්ෂාපතනයක් අප්‍රේල් මැයි මාස වන තෙක්ම නොලැබෙනු ඇති බවට කාලගුණ අංශ විසින් පුරෝකතන කර ඇති බවත් හෙතෙම පැවසීය.

දැනට ජලාශවල පවතින ජල මට්ටම් ද වේගයෙන් අඩු වී ගෙන යන බවත් මෙම තත්ත්වය මත තව මාසයක් දෙකක් යන විට තත්ත්වය ඉතාම අවදානම් මට්ටමකට පත් වෙන බව ද හෙතෙම කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා නොදෙන තත්ත්වයක් යටතේ ඉදිරි දවස් කිහිපය සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

එළඹෙන සතියේ නොරොච්චෝල බලාගාරයේ ක්‍රියාත්මක වීමෙන් පසු මෙම විදුලි අර්බුදය සමනය වනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කළේය.

0 views



Source link

Related posts

lankacgossip | දිපාවලි සමග කොරෝනා සිවුවන රැල්ලක්…?

Rohan

lankacgossip | නොවැස්සොත් දිනපතා පැය 16ක විදුලි කප්පාදුවක්…

Rohan

lankacgossip | IOC මිල නැංවීමෙන් සිපෙට්කෝ පාඩුව උතුරා යයි.. දැවැන්ත මිල නංවීමකට සිපෙට්කෝ සැරසේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy