January 17, 2022 at 10:02 pm | lankacgossip
මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
මහ බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණයක් ගෙවීමට සූදානම් වන්නේ ඔවුන්ට වැඩි ලාබයක් ලබා දීමට බවද හෙතෙම සඳහන් කළේය.
නමුත් රටේ ජනතාවට කියා සිටින්නේ මෙය ලෝකයෙන් ගත් ණයක් පියවන ලෙස බවද පැවසූ ඔහු මෙම බැඳුම්කරවල ආයෝජනය කලේ කවුදැයි හෙලි කරන ලෙසද ඉල්ලා සිටියේය.
මේ අර්බුදකාරී අවස්ථාවේ ණය ගෙවීමට කල් ඉල්ලා ගන්නැයි ලෝකයම කියද්දී බැදුම්කරවල මුදල් ආයෝජනය කල ඥාතීන්ට මිත්රයන්ට වැඩි මුදලක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ඉක්මනින් ගෙවීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
1,664 views