Sinhala

lankacgossip | සිමෙන්ති මිටිය 2000යි… ඉදිකිරීම් නවතයි…


January 14, 2022 at 12:40 pm | lankacgossip

සිමෙන්ති මිටිය 2000යි… ඉදිකිරීම් නවතයි…

අද වන විට රට පුරා දැඩි සිමෙන්ති හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් සිමෙන්ති වැඩි මිලට මිලදී ගැනීමට සිදුවී ඇති බවත් ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ නිරතවන්නෝ කියති.

කිලෝ 50ක බරින් යුතුව සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක මිලකට අලෙවි කරන බවට දැනුම් දී තිබුණ ද මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1700 සිට 2000 දක්වා මිලට අලෙවි බව ඔවුන් පෙන්වා දෙති.

ඇතිවී තිබෙන සිමෙන්ති හිගය සහ අධික මිල හේතුව ඉදිකිරීම් රැසක් මේ වනවිටත් අතරමග නතර කර දමා තිබේ.

සිමෙන්ති සමාගම් සඳහන් කරන්නේ මෙම හිගයට ප්‍රධාන හේතු වන්නේ සිමෙන්ති ආනයනයට අවශ්‍ය ඩොලර් නොතිබීම බවත් බැංකුවලින් ණයවර ලිපි වන විවෘත කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවත්ය.

මෙරට අවශ්‍යතාවයෙන් 60%ක් මෙරට තුළ නිෂ්පාදනය කරන අතර ඉතිරි 40% ආනයනය කරයි.

230 views



Source link

Related posts

lankacgossip | කොළඹ සරසවියේ උපාධිධාරීන් මුරුත්තෙට්ටු හිමි ප‍්‍රතික්‍ෂෙප කිරීම අතිශයින්ම ආදර්ශවත්…

Rohan

lankacgossip | ලංකාවේ ආහාර උද්ධමනය 22% පනී.. ආසියාවේ 04 වැනියා.. ලෝකයේ 12 වැනියා…

Rohan

lankacgossip | පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්.. – ලංවිම දැනුම් දේ.. සැලසුම මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy