Sinhala

lankacgossip | ඩොලර් ප‍්‍රශ්ණය විසදුනාම විදුලි ගැටළුව විසදෙනවා..


January 15, 2022 at 3:22 am | lankacgossip

ඩොලර් ප‍්‍රශ්ණය විසදුනාම විදුලි ගැටළුව විසදෙනවා..- විදුලි බල ඇමති

මෙරටට බලපා ඇති ඩොලර් ගැටලුව අවසන් වූ වහාම විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව විසදෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් තාප බලාගාර සඳහා දැවිතෙල් නොලැබීම මත ඒවායෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එළඹෙන සතියේ සිට නොරොච්චෝල බලාගාරය හා ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීම හේතුවෙන් කප්පාදුවක් නොමැතිව විදුලිය ලබා දිය හැකි වෙතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

මේ දිනවල සිදුවන විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

41 views



Source link

Related posts

lankacgossip | ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..

Rohan

lankacgossip | රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…

Rohan

lankacgossip | ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy