Sinhala

lankacgossip | දීගය අවසන්.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවතට..


January 12, 2022 at 10:00 am | lankacgossip

දීගය අවසන්.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවතට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවය දිගින් දිගටම තම පක්ෂයේ හෑල්ලුවට ලක් කිරීම මත මෙම තීරණය ගත යුතු බවට ඔවුන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද ඉහල නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරන නිසා එම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑත කාලයේ දී ආණ්ඩුව දිගින් දිගටම දැඩිව විවේචනය කිරීම මත මෙම පියවර ගත යුතු බවද එම සාකච්ඡාවේදී අදහස් පළ වී ඇත.

කෙසේ වුවත් දැනට අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එම ධුර දැරීමට අවස්ථාව දෙමින් ආණ්ඩුව සමග කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බවද එහිදී තවදුරටත් යෝජනා වී තිබේ.

2,477 views



Source link

Related posts

lankacgossip | ජීවන වියදම් ඉහළ යාමේ කම්පනය ඒ ආකාරයෙන්ම ජනතාවට දැනෙන්න ඉඩ දුන්නේ නෑ..

Rohan

lankacgossip | අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…

Rohan

lankacgossip | සිම්බාවේ ගිය කාන්තා ක‍්‍රිකට් පිලේ 07 දෙනෙකුට කොරෝනා… සිම්බාවේ සිට ලංකාවට පැමිණීම තහනම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy