Sinhala

lankacgossip | සියළුම ආයතනවල වියදම් තව දුරටත් කපා හරී.. ඉන්ධන දීමනාත් කපයි..


January 11, 2022 at 6:10 am | lankacgossip

සියළුම ආයතනවල වියදම් තව දුරටත් කපා හරී.. ඉන්ධන දීමනාත් කපයි..

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී කැබිනට් සංදේශයක් මඟින් මෙම දැනුම්දීම කර ඇත.

ඒ අනුව නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ.

ඇතැම් රාජ්‍ය ව්‍යාපාර රජයෙන් යැපීම නතර කළ යුතු බවට ද මුදල් ඇමතිවරයා යෝජනා කර ඇත.

අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට දැනටමත් කටයුතු කර තිබේ.

94 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 136ක්….

Rohan

lankacgossip | ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න.. අප රට කරවන්නම්..

Rohan

lankacgossip | අනාගතයේ කිසිදා ලේ ගංඟා මරණ බිය අපේ රටේ ඇති නොවේවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy