Sinhala

lankacgossip | ජනාධිපතිගේ ඉල්ලීම ලෝකයට රතු සංඥාවක්… ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහල යයි..


January 11, 2022 at 2:10 pm | lankacgossip

ජනාධිපතිගේ ඉල්ලීම ලෝකයට රතු සංඥාවක්… ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහල යයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙලීමේ අවදානමක් මතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

චීනයට ගෙවීමට ඇති ණය ගෙවීම සදහා අමතර කාලයක් ජනාධිපතිවරයා විසින් චීන විදේශ ඇමැතිවරයා මුණගැසුණු ඉල්ලීම මීට හේතුව බව ඔහු පැවසීය.

මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව දැන් ණය ගෙවීමට හැකියාවක් නැති රටක් ලෙස මුල්‍ය වෙලදපලට දුන් ඉතා භයානක සංඥාවක් යැයිද ඔහු කියා සිටියි.

මේ හේතුවෙන් මූල්‍ය වෙළඳපල විසින් ශ්‍රී ලංකාව තව තවත් පහළ හෙළීමට කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.

1,229 views



Source link

Related posts

lankacgossip | සහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලට.. විශාල සහල් හිගයක්…

Rohan

lankacgossip | Confirmed : ඉන්ධන මිල ඉහලට..

Rohan

lankacgossip | අත්දැකීමක් නැති නායකයෙක් නිසා අද රටම විනාශ වෙලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy