Sinhala

lankacgossip | ‘ගම සමග පිලිසදර’ කියූ වැඩ නොකෙරුනැයි යූ ටියුබයට කියූ මීමුරේ වැසියන් පොලිසි කැදවයි..


January 11, 2022 at 3:50 pm | lankacgossip

‘ගම සමග පිලිසදර’ කියූ වැඩ නොකෙරුනැයි යූ ටියුබයට කියූ මීමුරේ වැසියන් පොලිසි කැදවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට පැමිණ ලබා දුන් උපදෙස් මත නිලධාරීන් වැඩ කර නැති බවට එම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු අන්තර්ජාල නාලිකාවකට ලබාදුන් තොරතුරු පිළිබඳව පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගම සමග පිලිසදරේදී රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරයා යම් උපදෙස් ලබා දුන් නමුත් මේ දක්වා ඒවා ක්‍රියාත්මක නොවූ බව මීමුරේ වැසියන් විසින් අන්තර්ජාල නාලිකාවකට සඳහන් කර තිබිණි.

එය ප්‍රචාරය වූ පසුව මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු ඒ පිළිබඳව උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව ප්‍රකාශ ලබාදුන් මීමුරේ වැසියන් පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වැසියන් සඳහන් කරන්නේ තම ගමට සිදු වූ අසාධාරණය පිළිබඳව තමන් අන්තර්ජාල නාලිකාවකට මෙසේ ප‍්‍රකාශ ලබාදුන් බවයි.

998 views



Source link

Related posts

lankacgossip | පොහොර ගෙන්වූ දේශීය සමාගමට මගේ ඥාතිත්වයක් ඇතත් ව්‍යාපාරවලට මා සම්බන්ද නෑ.. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත්

Rohan

lankacgossip | විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..

Rohan

lankacgossip | ඩොලර් නොගෙවුවොත් ඉන්ධන නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy