Sinhala

lankacgossip | ගුවන් තොටුපලේ කලබලයක්.. විදේශිකයෙකු වහලයට නැග පැන දුවයි…


January 10, 2022 at 12:00 pm | lankacgossip

ගුවන් තොටුපලේ කලබලයක්.. විදේශිකයෙකු වහලයට නැග පැන දුවයි…

විදෙස් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල වහලයට නැග පලා යමින් සිටිය දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත යාමට උත්සාහ කළ බව ගුවන්තොටුපල සඳහන් කරයි.

ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දී තම ලියකියවිලි නිෂ්කාශනය කර ගැනීමට පැමිණි ඔහු සම්බන්ධයෙන් සැක සිතීමෙන් පසු ගුවන් තොටුපළ ආරක්ෂක වෙත යොමු කිරීමෙන් පසුව වහලයට නැග දිව ගොස් තිබේ.

පසුව ආරක්‍ෂක අංශ විසින් කැමරා නිරීක්ෂණය කරමින් මෙම පුද්ගලයා වහලයේ සැඟවී සිටි ස්ථානයට ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පෙනෙන අංකයක් පච්ච කොටා ඇති අතර ආරක්ෂක අංශය සැක කරන්නේ මොහු විදේශයක බන්ධනාගාරයකින් පලා ආ පුද්ගලයෙකු හෝ විදේශයකට අත්‍යවශ්‍ය පුද්ගලයකු හෝ ත්‍රස්තවාදී කල්ලි සාමාජිකයෙකු විය හැකි බවටයි.

1,052 views



Source link

Related posts

lankacgossip | අරලිය, නිපුණ, නිවු රත්න, සූරිය, හිරු සහල් තොග රජයට පවරා ගනී.. මෝල් වටා සැලසුම්කල විරෝධතා… [Photo]

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy