Sinhala

lankacgossip | මුහුදු වෙරලට පෙරලුනු විශාල පාලම්පාරුවක් ගොඩගසයි….


January 9, 2022 at 5:30 pm | lankacgossip

මුහුදු වෙරලට පෙරලුනු විශාල පාලම්පාරුවක් ගොඩගසයි….

මුලතිව් නයාරු ප්‍රදේශයේ මුහුදු සීමාවට අනන්‍යතාවයක් නොමැති පෙරලී ගිය පාලම් පාරුවක් ගොඩගසා ඇති බවට පොලීසිය පැවසීය.

නයාරු ධීවරයන් විසින් ඊයේ දින මෙම පාලම් පාරුව දැක පොලීසියට දැනුම් දී ඇත්තේ නයාරු මුහුදු සීමාවේ පෙරළී ගිය නැවක් ගොඩගසා ඇති බවටයි. කෙසේ වෙතත් අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී එය යකඩ පාලම් පාරුවක් බවට පොලීසිය විසින් අනාවරනය කරගනු ලැබීය.

මෙම පාලම් පාරුව අඩි 120 ක පමණ දිගින් යුක්ත වන අතරම අඩි 40 ක පමණ පළලකින් යුක්ත වන බවටත් මෙම පාලම් පාරුව කුමන ප්‍රදේශයක සිට පාවී පැමිනෙන්නට ඇත්දැයි යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු නොමැති අතරම එහි එය කාගේද යන්න පිළිබඳවද අනාවරනය වී නොමැත. ‍

නයාරු මුහුදු සීමාවට ගොඩගසා ඇති මෙම පාලම් පාරුව දැඩි ලෙස අබලන් තත්වයේ පවතින අතරම ගොඩට ඇදීම සඳහා ද නාවික හමුදාවේ සහාය ගන්නා බවටද මුලතිවු පොලිසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

750 views



Source link

Related posts

lankacgossip | විදුලිය අර්බුදයෙන් වතුරත් නැතිවෙයි..

Rohan

lankacgossip | සති දෙකකට කෑම නැති තත්වයකට රට පත්වෙනවා..

Rohan

lankacgossip | රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy