Sinhala

lankacgossip | දැන් ගෑස් පිපිරිම් අඩුවෙලා..


January 6, 2022 at 12:00 pm | lankacgossip

දැන් ගෑස් පිපිරිම් අඩුවෙලා..- දේශබන්දු

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිත ව සිදු වන කාන්දුවීම් හා පිපිරීම් වල විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් නව ගෑස් සිලින්ඩර ආශ්‍රිත ව එවන් කිසිදු සිදුවීමක් වාර්තා වී නැති බවත් ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

පසුගිය කාලයේ දී දිනපතා ගෑස් ආශ්‍රිත සිදුවීම් හා පිපිරීම් විස්සකට අධික සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වන විට දෛනිකව වාර්තා වන්නේ එවන් සිදුවීම් තුනක් පමණ බවද ඔහු පැවසීය.

තෙන්නකෝන් මහතා ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කමිටුවේ සම සභාපතිවරයා ද වෙයි.

642 views



Source link

Related posts

lankacgossip | ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..

Rohan

lankacgossip | අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ 10න් පහලට බහී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy