Sinhala

lankacgossip | ඩුබායි, සිංගප්පූරුව වී ගොවිතැන් නෑ.. නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ..


January 6, 2022 at 1:20 pm | lankacgossip

ඩුබායි, සිංගප්පූරුව වී ගොවිතැන් නෑ.. නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ..

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක් මේ වන විට රුපියල් මිලියන 825ක ලාභයක් උපයා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේය. ජනවසම, මිල්කෝ,පොස්පේට් හා NLDB යන ආයතන මීට වසරකට පෙර රුපියල් මිලියන 3850ක් පාඩු ලැබූ බවද අමාත්‍යවරයා සදහන් කළේය. මේ තොරතුරු නොදන්නා සමහර අය කෘෂිකර්ම අමාත්‍යාංශය ෆේල් කියනවා යැයිද අමාත්‍යවරයා කීවේය.

පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

“බොහෝ අය අපේ රටේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මත පළ කරනවා. ඩුබායි රටේ මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නෙ නෑ. නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නවා. පොස්පේට් පොහොර ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවැරුණේ මීට මාස හයකට පෙරයි. ඒ වනවිට මේ ආයතනය පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් මේ වනවිට එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගන්න අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා. හෙක්ටයාර් 17 ක් පුරා විහිදී ඇති පොස්පේට් නිධිය මෙ.ටොන් මිලියන 60ක ධාරිතාවකින් යුක්තයි. නමුත් ඉකුත් වසර පනහ තුළ එයින් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ 3% ක් පමණයි. ඒ කියන්නේ වසරකට 0.06% ක්. ඒ අතීතය අපි වෙනස් කරලා ඉදිරි මාස දෙක තුනක් ඇතුළත පොස්පේට් පොහොර නිෂ්පාදනය දෙගණයකින් වැඩි කරන්න කටයුතු කරන්න කියලා මම උපදෙස් ලබා දී තිබෙනවා. පොස්පේට් පොහොර සමාගම අලෙවි කරන්නේ කිලෝ 50ක බෑගයක්, රුපියල් 550 වුණත් ආයතනයෙන් පිට වෙළඳපොලේ ඇතැම් තැන්වල පොස්පේට් පොහොර බෑගයක් රුපියල් 1000, 1100, වැනි මිල ගණන්වලට විකුණනවා. මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න ඕනෑ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අපේ රටේ වවන්න පුළුවන් මිරිස්, ලූණු, අල පිටින් ගෙන්වනවා. ඒ අනුව අපේ රටේ මෙතරම් වටිනා පොහොර නිධියක් තිබියදී පිටරටින් පොහොර ගෙන්වීම ගැන පුදුම වෙන්නේ නෑ. ඉදිරියේදී අපිට වගා කළ හැකි බෝග 13ක් අපිම වගා කරන්නත්, බීජ වර්ග 17ක් අපේ රටේ අපිම නිපදවා ගන්නත් කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා කීවේය.

ජනාධිපතිතුමාගේ අපේක්ෂාව දේශීය නිෂ්පාදන ඉහළ නංවා ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක් ගොඩ නැගීම බවත්, ඒ අනුව පොස්පේට් නිධිය ජාතික සම්පතක් බවද අමාත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල් බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ පරිසර හිතකාමි හරිත කෘෂිකර්මය සදහා පොස්පේට් පොහොර සමාගමට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

0 views



Source link

Related posts

lankacgossip | ඩොලර් නොගෙවුවොත් ඉන්ධන නෑ..

Rohan

lankacgossip | ලාෆ් සිලින්ඩර ලිත්‍රො එකතු කර නිල් පාට කරයි.. ලිත්‍රොට එරෙහිව ලාෆ් නඩු දමයි…

Rohan

lankacgossip | අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy