Sinhala

lankacgossip | වී කිලෝව රුපියල් 75ට ගන්නවා.. කාබනික වී වලට තව 25ක් වැඩිපුර දෙනවා..


January 5, 2022 at 4:40 pm | lankacgossip

වී කිලෝව රුපියල් 75ට ගන්නවා.. කාබනික වී වලට තව 25ක් වැඩිපුර දෙනවා..

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25/= ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය.

මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළේය. ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බවද අමාත්‍යවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

377 views



Source link

Related posts

lankacgossip | ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

Rohan

lankacgossip | ආණ්ඩුව විවේචනය කරන සියළු ඇමතිවරුන් ඉවතට…

Rohan

lankacgossip | ‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy