Sinhala

lankacgossip | ආණ්ඩුව සල්ලි බෙදුවත් ජනතාවට සල්ලි වලට ගන්නවත් භාණ්ඩ රටේ නෑ…


January 5, 2022 at 6:20 am | lankacgossip

ආණ්ඩුව සල්ලි බෙදුවත් ජනතාවට සල්ලි වලට ගන්නවත් භාණ්ඩ රටේ නෑ…

දිනෙන් දින රජය රටේ ජනතාවට එපාවන අවස්තාවක එම ජනතාවට ආණ්ඩුවෙන් සල්ලි බෙදුවට එම සල්ලි වලින් වෙලදපොලේ භාණ්ඩ ලබා ගැනිමට නොමැති බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික සභික ලාල් කාන්ත මහතා පැවසිය.

බිද වැටුණු මව්බිම ගොඩ නගන යන මැයෙන් (04) දින පස්වරුවේ නාවලපිටිය නගරයේ පැවති මහනුවරය දිස්ත්‍රික් සුහද හමුවේදි ලාල් කාන්ත මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ අයවැයේදි රජයේ සේවකයන්ට ලබාදිමට නොහැකි වු වැටුප් වැඩිවිම මුදල් අමාත්‍යවරයා විසින් මේ වන විට රජයට ගොඩනැගෙන දැඩි විරෝධය හමුවේ එයට විසදුමක් වශයෙන් රු පන්දහස බැගින් බෙදා දිමට පියවර ගෙන ඇති බවයි.

කොපමණ මුදල් බෙදුවද රටේ නිෂ්පාදනය සහ ආනයනය අඩුවිම හමුවේ භාණ්ඩ ලබා ගැනිම සදහා විශාල මුදලක් රැගෙන යාමට රටේ ජනතාවට සිදු වි ඇති බවයි ලාල්කාන්ත මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

65 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන ගන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන්, එමිරේටයෙන් ණයට ඉල්ලයි..

Rohan

lankacgossip | ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ලන්සා කියයි…

Rohan

lankacgossip | අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කලා.. දැන් අපව අමතක කරලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy