Sinhala

lankacgossip | අලුත ගෙනා බිරිඳ සතුටු කරන්න තරුණ සැමියා මාල කඩලා….


January 5, 2022 at 6:20 pm | lankacgossip

අලුත ගෙනා බිරිඳ සතුටු කරන්න තරුණ සැමියා මාල කඩලා….

විවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු යාපනය වඩුක්කොඩ්ඩෙයි අරියාලෙයි ප්‍රදේශයේදී අද (05) දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.

මීට මාසයකට පමණ පෙර වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේ නිවසක පුවත්පතක් බලමින් සිටි කාන්තාවකගෙන් කොල්ලකරු විසින් බීමට ජලය ඉල්ලා කාන්තාව ජලය ලබාදෙන අවස්ථාවේදී කාන්තාවගේ පවුම් දෙකහාමාරක රන්මාලය කඩාගෙන යාමෙන් අනතුරු ඒ පිළිබඳව පරික්ෂණ කටයුතු සිදුකල වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාල කොල්ලකරු යාපනය ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල සැකකරු මීට වසරකට පමණ පෙර විවාහ වී සිටින අතරම ස්ථීර අදායම් මාර්ගයක් නොමැතිවීම මත සිය බිරිඳගේ අවශ්‍යතාවන් සපුරාලීමට මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවටත් එක් ස්තානයක පදංචි නොවී ප්‍රදේශ කිහිපයක කුලියට නැවතී මෙලෙස රන්මාල කොල්ල කා ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරනය කොට ගෙන ඇත.

සැකකරු යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍යටද ඇබ්බැහි වූවෙකු ලෙසටද හඳුනාගෙන ඇති අතරම ඔහු වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද වව්නියාව කොට්ඨාශ අපරාධ කාර්යංශය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

394 views



Source link

Related posts

lankacgossip | මන්ත්‍රීවරයෙකු හා තවත් අයෙක් අත්අඩංගුවට.. වෙඩි තබයි..

Rohan

lankacgossip | නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..

Rohan

lankacgossip | ජනතාව බඩගින්නේ.. මං තීරුවල ඇවිදින්න ඔවුන්ට පණ නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy