Sinhala

lankacgossip | රටේ ඩොලර් නෑ.. ඉන්ධන දීමනා කපන්න වෙනවා.. අලුත් ක‍්‍රමයකට හුරුවෙන්න වෙනවා..


January 4, 2022 at 3:00 pm | lankacgossip

රටේ ඩොලර් නෑ.. ඉන්ධන දීමනා කපන්න වෙනවා.. අලුත් ක‍්‍රමයකට හුරුවෙන්න වෙනවා..

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තමාගේ ඉන්ධන දීමනාවද කපා හැරෙනු ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

එසේම ශ්‍රී ලංකාව අද බංග්ලාදේශයෙනුත් ණය ලබාගන්නා තත්ත්වයටම අර්බුදයකට ලක්ව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ 2022 වසර සඳහා කම්කරු අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් එහි සේවක පිරිස අමතමිනි.

‘‘අද ​ඩොලර් අර්බුදයක් තියෙනවා මේ රටේ. ඒකේ හංගන්න දෙයක් නැහැ. අපි බංග්ලාදේශයෙනුත් ණය ගන්න රටක් බවට පත්වෙලා තියෙනවා. සමහර විට ජනතා සේවය කිරීමේදී ඔබට යම් යම් කැපකිරීම් කරන්නට සිදුවෙයි. ඔබ බලාපොරොත්තු වෙන බටා එක, අතිකාල දීමනාව, තෙල් දීමනාව ලැබෙන එකක් නැහැ. ඔබට විතරක් නෙමෙයි මටත් එහෙමයි. ඒ නිසා අපිට අලුත් ක්‍රමයකට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා.’’

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳ වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව මේ වනවිට වෘත්තීය සමිති හා හාම්පුතුන් සමග කම්කරු අමාත්‍යාංශය විසින් සාකච්ඡා කරමින් පවත්නා බවද මෙහිදී පෙන්වා දුන් කම්කරු ඇමැතිවරයා විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණාවරණ ලබාදීමේ කටයුතු 2022 අප්‍රේල් මාසය වනවිට අවසන් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

– aruna

886 views



Source link

Related posts

lankacgossip | ටෙන්ඩර දැමූ චීනය, පකිස්තානය නොතකා ටෙන්ඩර නැතිව LNG සැපයුම ඇමරිකාවට දුන් ඒජන්තයා ගැන සියල්ල හෙලි කරයි..

Rohan

lankacgossip | අගමැති තිරුපති ගියේ පුද්ගලික වියදමෙන්….

Rohan

lankacgossip | සහල් මිල යලිත් ඉහල දමයි.. කිලෝව 10-30කින් ඉහලට… නව මිල ගණන් මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy