Sinhala

lankacgossip | මෙරට හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයා සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙක්.. සංචාරක පැමිණීම දිගටම..


December 4, 2021 at 11:20 am | lankacgossip

මෙරට හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයා සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙක්.. සංචාරක පැමිණීම දිගටම..

ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයා මෙරටට පැමිණි සංචාරකයකු නොව ශ‍්‍රී ලාංකිකයෙකු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

දැනට මෙරටට පැමිණීම තහනම් කර ඇති රටවල් හයෙන් පසු ගිය දින 21 ක කාලය තුළ මෙරට කිසිදු සංචාරකයෙකු පැමිණ නැති බව ද ඔහු පැවසීය.

කටුනායක ගුවන් තොටුපළින් මෙරටට ඇතුළු කරන ගන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයන් බවත් මෙරටට පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණ වලට යොමු විය යුතු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා නම් ඒ අනුව කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් මත සංචාරකයන් රටට ගෙන්වා ගන්නා බවත් පැවසූ ඔහු නොවැම්බර් මස අවසන් වන විට සංචාරකයන් එක්ලක්ෂ පනස්දහසක් මෙරටට පැමිණ ඇතැයිද කියා සිටියේය.

0 views



Source link

Related posts

lankacgossip | කබ්රාල් ඉල්ලු බලය ලැබෙයි.. සිවු ගුණයකින් බලවත් වෙයි.. කැබිනට් ඇමති සේ වෙයි..

Rohan

lankacgossip | ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ පොලොන්නරු නිරීක්‍ෂණ චාරිකාවක පිපිරීමක්..

Rohan

lankacgossip | ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 එලියට බහී.. 29 කොළඹ රැළියක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy