Sinhala

lankacgossip | ඉන්ධන ගෙන්වීම තවත් අර්බුදයක් වෙයි.. බාන්න බැරිව නෞකා වරායේ…


December 4, 2021 at 10:40 am | lankacgossip

ඉන්ධන ගෙන්වීම තවත් අර්බුදයක් වෙයි.. බාන්න බැරිව නෞකා වරායේ…

මෙරටට රැගෙන එන ලද පිරිපහදු කරන ලද ඉන්ධන සහිත නෞකා නියමිත කාලයට ගොඩබෑමට නොහැකිව තත්ත්වයක් උදාවී තිබේ.

එම තත්ත්වය මත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අතිරේක පාඩුවක් විඳීමට සිදුව ඇත.

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමෙන් පසු පිරිපහදු කළ පෙට්‍රල් ඩීසල් ඇතුළු ඉන්ධන ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටී.

නමුත් මෙරට දෛනිකව අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණය ගබඩා කිරීම සඳහා පර්යන්ත වල ධාරිතාව ප්‍රමාණවත් නොවණ නිසා ඉන්ධන රැගෙන පැමිණ නෞකා වලට අමතර කාලයක් රැඳී සිටීමට සිදුවේ.

එනිසා ඒවාට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වෙමින් ඇති අතර එලෙස ප්‍රමාද වන එක් නෞකාවක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 18,000 ක පමණ මුදලකි.

427 views



Source link

Related posts

lankacgossip | කාතන්කුඩි නගරයේ ලස්සන දැක්කාම නගරාධිපතිතුමා දක්ෂයෙක් කියලා පේනවා…

Rohan

lankacgossip | මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Rohan

lankacgossip | එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. [Video]

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy