Sinhala

lankacgossip | නොරොච්චෝල නවතී… Solar විදුලිය OFF කරන්නැයි ඉල්ලයි…


December 3, 2021 at 12:40 pm | lankacgossip

නොරොච්චෝල නවතී… Solar විදුලිය OFF කරන්නැයි ඉල්ලයි…

දිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝල විදුලි බලාගාරය ද ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එය මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී.

පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙරට ඉල්ලුමෙන් 60% ඉක්මවූ විදුලි ජනනයක් ජල විදුලිය මගින් සිදු කරමින් ඇත.

ඒ හේතුවෙන් නොරොච්චෝල බලාගාරය මේ දිනවල ක්‍රියාත්මක වී ඇත්තේ එක් විදුලි උත්පාදක යන්ත්‍රයක් පමණි.

මේ වැඩි වේලාවක් ගත නොවී දිවයිනේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුණු ඇතැයි විදුලිබල අංශ විශ්වාසය පලකරයි.

මේ අතර Solar බලයෙන් විදුලිය නිපදවා ජාතික පද්ධතියට එක්ක කරන පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් කරයි.

තම සෝලා පද්ධතිය ජාතික පද්ධතියට සම්බන්ධ කරන පද්ධතිය ක‍්‍රියා විරහිත කර සූර්ය විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඔුවුන් ඉල්ලා සිටී.

එසේ වුවහොත් ජාතික පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීම ඉක්මනින් කළ හැකි බව ද විදුලිබල ඉංජිනේරුවන් කියා සිටිති.

67 views



Source link

Related posts

lankacgossip | බිමේ තත්වය හොද නෑ.. මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරක් කල් දමයි..

Rohan

lankacgossip | ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Rohan

lankacgossip | ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy