Sinhala

lankacgossip | ජනාධිපති විදේශගත වේ….


December 3, 2021 at 9:00 pm | lankacgossip

ජනාධිපති විදේශගත වේ….

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සාමාන්‍ය මගී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිටි ගුවන් මගීන් සමග කතාබහක ද නිරත විය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී
“ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ පුළුල් සංවාදයට ගනු ලැබීය.

“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වේ. මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කෙරේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

– ජනාධිපති මාධ්‍ය අංශය

104 views



Source link

Related posts

lankacgossip | චන්නගේ රේන්ජ් රෝවරයෙන් කිඹුලා ඉවරයි.. චිත‍්‍රසුමන මාධ්‍ය අමතයි..

Rohan

lankacgossip | කොට ලොරි රථය උඩ වංගුවෙන් පහත වංගුවට පෙරලෙයි…

Rohan

lankacgossip | විදුලි කප්පාදුව ඇරඹේ.. නැවත දන්වන තෙක් ක‍්‍රියාත්මකයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy