Sinhala

lankacgossip | මීලග ණය වාරිකය බිලියන 07යි.. ඇත්තේ බිලියන 1.2යි.. ස්ථිරවම ලංකාව බුන්බත්..


December 3, 2021 at 3:20 am | lankacgossip

මීලග ණය වාරිකය බිලියන 07යි.. ඇත්තේ බිලියන 1.2යි.. ස්ථිරවම ලංකාව බුන්බත්..

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අගමැතිතුමා කීවේ ඇත්තද ?

කැලණි නව පාලම විවෘත කිරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ‘යහපාලනය ණය ගත්තා මිස කළ දෙයක් නොමැති’ බවය. තවදුරටත් එතුමා කීවේ එතුමාගේ ධූර කාලයේදී (2005-15) අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ, වරාය වැනි බොහෝ සංවර්ධන කටයුතු කෙරී ඇති බවය.

පසුගිය ජනාධිපතිවරණයට (2019) පෙර ‘වියත්මඟ’ වේදිකාවේ උස්හඬින් කී සටන් පාඨයක් වූයේ 2005-15 කාලයේ 6-7% ක තිබූ ආර්ථික වර්ධනය යහපාලන කාලයේ (2015-19) 2-3% ට වැටුණු බවය. නැවත 6-7% ක වර්ධනය ලබාගන්නට රාජපක්ෂවරුන්ගේ ‘වැඩකරන රටක්’ සඳහා බලය ගතයුතු බව අවධාරණය කෙරිණි.

ඇතැම් ආගමික නායකයින්ද විටින් විට ප්‍රකාශ කරනුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙවීමට සිදුව ඇත්තේ යහපාලන කාලයේ හා එයට පෙර ගත් ණය බවය.

මෙහි ඇත්ත කුමක් ද ?

ණය ආපසු ගෙවීමේ අපහසුතාවයට අප රට පත්ව ඇත්තේ අපේ විදේශ ණය ආපසු ගෙවීමේ නොහැකියාව මූලික වීමෙනි.  ඩොලර් හිඟය හා භාණ්ඩ ආනයනය සීමාවීම නිසා භාණ්ඩ හිඟය, කළු කඩය හා අධික මිළ ගණන් ඇතිව ඇත්තේ ඒ නිසාය.

අපේ විදේශ ණය කළඹ ගත්කළ එහි මූලික ප්‍රශ්නය වී ඇත්තේ සහනදායී (අඩුපොලී හා දීර්ඝ කාලීන ආපසු ගෙවීම්) විදේශ ණය වෙනුවට සහනදායී නොවන හා  වාණීජ ණය දක්වා ශ්‍රී ලංකාව ගමන් කිරීමය. එනම් වැඩිපොලී හා කෙටිකාලීන ණය වැඩි වීමය. එහි තත්ත්වය මෙසේය.

සහනදායී නොවන හා වානීජ ණය ප්‍රතිශතය සමස්ත විදේශ ණය කළඹ තුළ වෙනස්වීම මෙසේය.  (ප්‍රතිශතය ලෙස)

ඒ අනුව මහින්ද රාජපක්ෂ යුගය ආරම්භයේ 8% සීමාවේ තිබූ වානීජ හා සහනදායී නොවන ණය ප්‍රතිශතය 2015 වන විට 47% දක්වා අසාමාන්‍ය ලෙස ඉහළයෑමත් ඒවා කෙටිකාලීන නිසා ආපසු ගෙවීමට සිදුවීමත් සිදුවිය.

මේ නිසා 2016 සිට අලුත් වානීජ ණය ගනිමින් පැරණි වානීජ ණය පියවීමේ විෂම චක්‍රයට රට හසුවිය. මේ නිසා 2019 වන විට වානීජ ණය හා සහනදායී නොවන ණය ප්‍රතිශතය 58% දක්වා වැඩිවිය. එමෙන්ම රට විසින් විදේශ විනිමය ලෙස ණයට ගන්නා මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ‘සංවර්ධනය නොව’ ණය ආපසු ගෙවීමට යොදා ගැනීමේ තත්ත්වයක් උදාවිය.

ඒ මෙසේය.

මෙයින් පෙනී යන්නේ 2017-19 කාලය වනවිට ගන්නා විදේශ ණය වලින් 90-95% ක් කලින් ණය පියවීමට ගිය බවය.

ඒ කාගේ ණය ද ?

විදේශ ණය ආපසු ගෙවීමේ ණය වාරිකය (Principal Payment) සලකා බලන කල (SLDB නොවන) පසුගිය වසර දෙකෙහි තත්ත්වය මෙසේය.

මෙයින් පෙනී යන්නේ 2005-14 සංවර්ධන බුබුල එනම්, වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, ක්‍රීඩාංගණ, සම්මන්ත්‍රණ ශාලා, නෙළුම් කුළුණ හා අධිවේගී මාර්ග ආදී ව්‍යාපෘතිවල ණය ගෙවීමේ කාලය 2016 සිට එළැඹ ඇති බවත් 2020/21 කාලයේදී ඇතිව ඇති විදේශ විනිමය හිඟයට හේතුව එය බවත්ය.

මෙය මැනවින් පෙන්වන සංඛ්‍යා ලේඛනයක් මෙලෙසය.

ශුද්ධ විදේශ වත්කම් (මහ බැංකුව – NFA – CBSL) හා ශුද්ධ විදේශ වත්කම් (මහ බැංකුව+බැංකු  පද්ධතිය) NFA (CBSL+Banks) හා නිල විදේශ සංචිත තත්ත්වය මෙසේය.

මෙයින් පෙනී යන්නේ මේ වනවිට මහ බැංකුව හා බැංකු පද්ධතිය දරුණු විදේශ විනිමය අර්බුදයක ගිලී ඇති බවය.

ඉදිරි වසරේ (2022) ණය ගෙවීමට (ඩොලර් බිලියන 07 ක පමණ), ඉන්දන ඖෂධ ඇතුළු භාණ්ඩ ආනයනයට ආදී සියල්ලටම (අපනයන හා වෙනත් ආදායම් හැරුණු විට) අපට ඉතුරුව ඇත්තේ ඩො.මි. 1500 ක් (එයිනුත් 300 ක් රත්‍රන්) පමණි. රට ක්‍රමයෙන් මූල්‍ය වශයෙන් බුන්බත්වීම නැමති අගාධයට ඉදිරි මාස කීපය තුළ ඇදවැටෙමින් ඇති බව ඉතා පැහැදිළිය.

අද සිදුවෙමින් පවතින්නේ මෙම අගාධයේ ඇද වැටෙමින් ගැයෙනා ආණ්ඩුවේ නරි වාදම් වලට සවන්දීම පමණි. ආණ්ඩුව දැන්වත් එම පිස්සු වැඩ, මෝඩ වැඩ හා විහිළු සැපයීම නවත්වා සබුද්ධික මූල්‍ය කළමණාකරණ ක්‍රියාවලියකට ගමන් කළ යුතුය.

0 views



Source link

Related posts

lankacgossip | ඥානසාර හිමි පාර්ලිමේන්තුවට..

Rohan

lankacgossip | බැසිල්ට කිසිම සුදුසුකමක් නෑ.. ඔහු ලංකාවට එරෙහිව අවි දරන්න සූදානම්… ඇමතිකම අත්හිටුවන්න..

Rohan

lankacgossip | කිරිපිටි ආනයනය නතර කරන්න පියවර ගන්නැයි දන්වයි….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy