Sinhala

lankacgossip | අරලිය හෝටලයේ පස්වන මහලින් ඇද වැටී අයෙක් මිය යයි…


November 29, 2021 at 10:00 am | lankacgossip

අරලිය හෝටලයේ පස්වන මහලින් ඇද වැටී අයෙක් මිය යයි…

නුවරඑලිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක (Green Araliya) සේවය කල කලමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් (29)දින අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම හෝටලේ සුපිරි වෙලදසැලක කලමණාකරුවෙකු වශයෙන් කටයුතු කල තරංග ප්‍රියන්ත හෙට්ටිආරච්චි නැමති (47) හැවිරිදි ගම්පොල දොලොස්බාගේ පාරේ පදිංචි දෙදරු පියෙකි.

එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් (28) දින පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව එම සාදයට සහභාගි වු සේවකයින් විසින් කලමණාකරුව ඔහු නවාතැන් ගෙන සිටි එම හෝටලයට අයත් තවත් හෝටලයක පස්වන මහලේ පිහිටි ඔහුගේ කාමරය වෙත කැදවාගෙන ගොස් ඇරලවා ඇත.

කාමරයේ ජනේලය මත රැදි සිටි කලමණාකාරවරයා (29) දින අලුයම 1.45 ට පමණ පහලට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.

ජිවිතක්ෂයට පත් කලමණාකරවරයාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පැවසිය.

755 views



Source link

Related posts

lankacgossip | හෙට සිට විදුලිය හදන්න ඉන්ධන නෑ.. ලැබෙන විදිහකුත් දන්නෑ..

Rohan

lankacgossip | ඩුබායිහිදී ලොතරැයියක් දිනූ ලාංකිකයා කෝටි ගණනම ඉගෙනගත් පාසලට දෙයි..

Rohan

lankacgossip | රාජිතගේ ලේකම් නමින් නැවු අටක්… CID අධිකරණයට කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy