Sinhala

lankacgossip | SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..


November 25, 2021 at 2:10 pm | lankacgossip

SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස් එම් රංජිත් මහතා සහ ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය තම වැටුපට අමතරව රුපියල් ලක්‍ෂ 80ක ඉන්ධන උතුරු මැද පළාත් සභා අරමුදලින් ලබා ගත් බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විමින් ගොනුකර තිබූ චෝදනාවලින් අදාල විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව එම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 07 වැනිදා විභාග කිරීමට නියම කර තිබේ.

ඉඩම් අමාත්‍ය මධ්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කර කර ඇති බවද අධිකරණයේදී හෙළි විය.

277 views



Source link

Related posts

lankacgossip | අලි සබ්රි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දෙයි…

Rohan

lankacgossip | ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත  කිරීමට හොඳම කලාපය රුසියාව යුක්රේනය සහ කසකස්තානයයි…

Rohan

lankacgossip | පොලොන්නරු ජනතාව උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy