Sinhala

lankacgossip | ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…


November 25, 2021 at 10:40 am | lankacgossip

ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…

විදේශ විනිමය අර්බුදය මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් දහසක් පමණ වරායේ සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්‍යවශ්‍ය ආහාර වල මිල අසීමිත ලෙස වෙළෙඳ පොළේ ඉහළ යාමට එම හේතුව බලපා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එනිසා ඒවා නිදහස් කර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු පවසා ඇත.

පරිප්පු, ලූණු, සීනි, අල, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු බහලුම් මෙසේ වරායේ හිර වී ඇත්තේ මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙනි.

ඩොලර් හිගය ඉතාම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවත් එය ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.

270 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..

Rohan

lankacgossip | හෝටලයක ගෑස් පිපිරුමක්…

Rohan

lankacgossip | චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy