Sinhala

lankacgossip | ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..


November 25, 2021 at 10:00 am | lankacgossip

ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා දින දෙකක පමණ කාලයක් මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

ඉන් අනතුරුව නැවතත් මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.

0 views



Source link

Related posts

lankacgossip | තැබෑරුම් අරින්න රජයෙන් අවසර දුන්නා.. නැතිනම් කසිප්පු බීලා මිනිස්සු ලෙඩ වෙනවා..

Rohan

lankacgossip | කිරි තේ 70යි.. බනිස් 50යි.. ප්ලේන්ටි 30යි..

Rohan

lankacgossip | රේල්පාරේ සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා කොච්චියේ ගැටී මරුට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy