Sinhala

lankacgossip | රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..


November 24, 2021 at 10:40 am | lankacgossip

රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..

රසායනික පොහොර, වල් නාශක, පළිබෝධ නාශක, දිලීර නාශක ඇතුළු රසායන ද්‍රව්‍ය ආනයනයයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒවා තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනයක් අද රාත්‍රියේ සිට අවලංගු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව අද දිනයේ සිට එම රසායනික ද‍්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් රජයේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ යටතේ පොහොර සහනාධාර ලබාදීම සහතික වී මිල ඇතුළු වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ අතර ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී පැවසුවේ රසායන පොහොර සදහා රජයේ පොහොර සහනාධාර ලබා නොදෙන බවයි.

3,005 views



Source link

Related posts

lankacgossip | පහන්තුඩා වීඩියෝවේ ඉන්නේ මේ දෙදෙනාද…

Rohan

lankacgossip | දිපාවලි සමග කොරෝනා සිවුවන රැල්ලක්…?

Rohan

lankacgossip | වතු කම්කරුවෝ විරෝධතා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy