Sinhala

lankacgossip | මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..


November 24, 2021 at 9:20 am | lankacgossip

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට ති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

විශ්‍රාම පොලිස් නිලධාරියෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම ගලවිල වත්ත මාවතේ පිහිටි තම නිවසට මෙසේ විදුලිය ලබාගෙන ඇත.

නගර සභාපති වරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවස ඉදිරිපිට රාත්‍රී කාලය පුරාම අධිබලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙලිව ඇත්තේ ආසන්න විදුලි කණු වලින් හොර රහසේ විදුලි ලබාගෙන ඇති බවයි.

සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

531 views



Source link

Related posts

lankacgossip | LNG ඇමරිකාවට දුන්නාම ඒකකයක් රුපියල් 11ක් අඩුවෙනවා..

Rohan

lankacgossip | ජනාධිපතිට රට පාලනය කරන්න බෑ.. අගමැතිට රට බාර දිය යුතුයි.. රාජපක්‍ෂලා මෙතනින් ඉවරයි..

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බෑ කියයි.. මානව හිමිකම් චෝදනාලු…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy