Sinhala

lankacgossip | යාපනය සරසවියේ මහවිරු සැමරුම්වලටත් අධිකරණ තහනම් නියෝගයක්…


November 24, 2021 at 2:17 am | lankacgossip

යාපනය සරසවියේ මහවිරු සැමරුම්වලටත් අධිකරණ තහනම් නියෝගයක්…

යාපනය විශ්වවිද්‍යාලය තුල මහවිරු සතිය තුලදී කිසිදු අයුරකින් මහවිරු සැමරුම් පැවත්වීමට නොහැකි ලෙසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් බවට කෝපායි පොලීසිය පවසයි.

කෝපායි පොලීසිය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම් සඳහා ඇති සූදානම පිළිබඳව සහ මහජන සාමය කඩවීමේ අවධානම පිළිබඳව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කිරීමෙන් අනතුරුව යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදි.

ඒ අනුව යාපනය විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුලු ක්‍රියාකාරීන් පිරිසකට මෙලෙස මහවිරු සැමරුම් සඳහා තහනම් වන අතර විශ්ව විද්‍යාලය තුලදී කිසිදු සිසුවෙකුටද මහජන සාමය කඩවන අයුරින් සැමරුම් කිරීමට නොහැකි බවට පොලීසිය පවසා සිටියි.

නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය තුලදී යාපනය විශ්වවිද්‍යාල සිසුන් පසුගිය වසර කිහිපය තුලදී රහසිගතව මහවිරු සැමරුම් සිදුකර අයුරු දැකගත හැකි විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views



Source link

Related posts

lankacgossip | රටටම සුබ පණිවුඩයක්.. ඔක්තොම්බර මැද කොරෝනා පාලනයේ..

Rohan

lankacgossip | LNG ඇමරිකාවට දුන්නාම ඒකකයක් රුපියල් 11ක් අඩුවෙනවා..

Rohan

lankacgossip | සතොස සුදුළුණු කිලෝව 135ට ව්‍යාපාරිකයෙකුට විකුණා නැවත ඔහුගෙන්ම කිලෝව 450ට ගන්නවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy