Sinhala

lankacgossip | පාර්ලිමේන්තු බත් පතේත් එලවළු නෑ.. සම්බෝල, දෙල්, පිපිඤ්ඤා, මීට් බෝල්ස්..


November 23, 2021 at 12:00 pm | lankacgossip

පාර්ලිමේන්තු බත් පතේත් එලවළු නෑ.. සම්බෝල, දෙල්, පිපිඤ්ඤා, මීට් බෝල්ස්..

වෙළඳපොලේ මේ දිනවල ඇති වී තිබෙන එළවළු හිගය සහ මිල අධිකවීම පාර්ලිමේන්තු භෝජනාගාරයට ද තදින් බලපා ඇත.

ඊයේ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ භෝජනාගාරය සහ ජනමාධ්‍යවේදීන්ගේ භෝජනාගාරයේ කිසිදු එලවළුවක් පිළියෙල කර නොතිබින.

එළවළු මිල අධික වීම සහ වෙළඳ පලේ එළවළු හිග වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයෙකු පැවසීය.

එමෙන්ම ඉදිරි දිනවල දිවා ආහාරයට ද එළවළු පිළියෙල කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ඔහු සඳහන් කළේය.

ඊයේ දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල භෝජනාගාරයේ සහ ජනමාධ්‍යවේදීන්ගේ භෝජනාගාරයේ දිවා ආහාරයට පිළියෙල කර තිබුණේ බත්, අල බැදුම්, පොල්සම්බෝල, මිට්බොල් කරිය, පිපිඤ්ඤා සලාදයක් සහ දෙල් වෑංජනයක් පමණකි.

2,115 views



Source link

Related posts

lankacgossip | මුහුද ගොඩ ගලයි.. ගාළු පාරේ වාහන ධාවනයට බාධා..

Rohan

lankacgossip | ශ‍්‍රී ජයවර්ධනපුර අක්කර 37ක් පුද්ගලික සමාගමට… යෝජනාවට කැබිනට් අනුමැතිය..

Rohan

lankacgossip | වෛද්‍ය සිසුවියකගේ මළ සිරුර නිවසින් හමුවෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy