Sinhala

lankacgossip | ආණ්ඩුව ගැන සතුටක් නෑ.. ජනතාව අප‍්‍රසාදයෙන්.. නිසැකවම වීදි බසීවි..


November 23, 2021 at 2:10 pm | lankacgossip

ආණ්ඩුව ගැන සතුටක් නෑ.. ජනතාව අප‍්‍රසාදයෙන්.. නිසැකවම වීදි බසීවි..

දිගින් දිගටම රටේ ආර්ථිකය බිඳ වැටීමට ලක් වුවහොත් ආණ්ඩුවට එරෙහිව ජනතාව ඉදිරියට පැමිණීමට නිශ්චිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

ආණ්ඩුව පිළිබඳ ජනතාව සතුටක් නැතත් පක්ෂයක් ලෙස ඉදිරියට යා යුතු බැවින් සියල්ල දෙස නිහඬව හොඳින් බලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂයේ නායකයන් රටේ අර්බුදයට ප‍්‍රතිචාර සෙවීමට සෙසු මන්ත්‍රීවරුන් සමඟ කිසිවක් සාකච්ඡා නොකළද රටට හොඳක් සිදු වනවා නම් තමන්ට එය ගැටළුවක් නැති බව ද ඔහු සදහන් කරයි.

අද වන විට ආණ්ඩුව පිළිබඳව විශාල අප්‍රසාදයකින් ජනතාව සිටින නමුත් ආණ්ඩුවට ඇති අප්‍රසාදය හේතුවෙන් සමගි ජන බලවේගය කිසිවිටෙක ජනතාවට අතරට යාමට නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව එළවා දමා බලයට පත්වීමට සජිත් ප්‍රේමදාස මහතා දකින සිහිනය සිහිනයක්ම පමණක් වන බවද ඔහු තවදුරටත් පැවසීය.

773 views



Source link

Related posts

lankacgossip | ‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Rohan

lankacgossip | ජනාධිපතිගේ අලියා නැවතත් ජනාධිපතිටම දුන්නා.. දැන් ඉන්නේ පන්සලක..

Rohan

lankacgossip | බඩුමිල ඉහලයාමට විරුද්දව මන්ත්‍රීවරයෙක් වෙනස්ම විරෝධතාවක..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy