Sinhala

lankacgossip | ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී…


November 22, 2021 at 10:00 am | lankacgossip

ජනතාව පොහොට්ටු මන්ත‍්‍රීවරයෙකු අල්ලා විදුලි කණුවක බදී…

පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ප්‍රදේශවාසීන් විසින් ගස් බැඳ පොලිසියට භාරදී තිබේ.

මන්ත්‍රීවරයා බීමත්ව අශෝභන ලෙස ‍ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන ලෙස හැසිරුණේ යයි ගල්පාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මෙම කටයුත්ත සිදු කර ඇත.

ලනු කැරලි කිහිපයක් ගෙන මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක මන්ත්‍රීවරයා බැන්දම දමා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් පසු මත්පැන් පානය කොට සිටි බවත් තහවුරුව තිබේ.

මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2,029 views



Source link

Related posts

lankacgossip | කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්..

Rohan

lankacgossip | වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවට ඇමරිකාවටත් දුන්නා නම් දෙමල ජනතාවට ඊළමත් දිය යුතුයි..

Rohan

lankacgossip | යහපාලන කාලෙ පාසල් දරුවන්ට ටැබ් දෙන්න කලින් වැසිකිලි ටික හදලා දෙන්න තිබුණා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy