Sinhala

lankacgossip | ලංකාවේ කොරෝනා සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්..


November 21, 2021 at 10:22 pm | lankacgossip

ලංකාවේ කොරෝනා සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්..

අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩි වී ඇති බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් සොයා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොරෝනා රෝග සත්කාර සේවාවේ වෛද්‍ය කණ්ඩායම ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරයි.

ඉන් පෙනී යන්නේ වෛරසය මේ වන විට බොහෝ දුරට මෙරට සමාජයේ පැතිරී යාමක් බවද ඇය පැවසුවාය.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරන්නේ මේ වන විට ලොව පුරා කොරෝනා 4 වන රැල්ලක් බිහි වී ඇති බවත් ඇතැම් රටවල් වසා දැමීමට පවා කටයුතු කර ඇති බවත්ය.

මෙරට ද ජනතාව හැසිරීම් රටාව නිසි ලෙස පවත්වා නොගතහොත් මෙරටටද එම තත්ත්වය උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.

2,344 views



Source link

Related posts

lankacgossip | බිවුව ගමන් කොරෝනා ඉවරයි… ඇමරිකාවෙන් සුපිරි කරලක් හදයි.. සායනික පරීක්‍ෂණ අවසන්…

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත් අවදානමක..?

Rohan

lankacgossip | විමල්ට කණ පැලෙන්න ගහන බව පොහොට්ටුවෙන් දැනුම් දෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy