Sinhala

lankacgossip | ‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ..


November 20, 2021 at 10:40 am | lankacgossip

‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ..- ෆොන්සේකා

මිලේනියම් සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එම ස්ථානය අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිදුකළ අයථා වැඩක් බවද පැවසූ ෆොන්සේකා මහතා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට උත්සාහ කිරීම බැහැර කරන බවද සදහන් කළේය.

කිසිදිනෙක හමුදා බුද්ධි අංශ දිගුදුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ක්ලෙමෝ බෝම්බ ගෙන ඒමේ අවශ්‍යතාවක් නොතිබූ වුවද සඳහන් කළේය.

ඒවා සිදු කළේ විශේෂ කාර්ය බලකායේ බවද ඔහු පැවසීය.

මිලේනියම් සිටි සිද්ධිය වන විට තමා යාපනයේ ආඥාපතිවරයාව සිටි බවද ඔහු සදහන් කරයි.

එදා ඒ රණවිරුවන් පිරිස දඩමීමා කරගෙන රජය පෙරළීමට කටයුතු කළ බවත් ෆොන්සේකා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

106 views



Source link

Related posts

lankacgossip | සැකකරුවෙකු මිය යයි.. ගම්මු පොලිසිය වටලති.. සහායට බල ඇණි කැදවයි..

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 185ක්…

Rohan

lankacgossip | Online ඉගැන්වීමෙන් ටියුෂන් මාස්ටර්ලා සල්ලි ගරමින්.. Games අවහිර කරන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy